Australia day  දිනය වෙනස් කළ යුතු බවට ජනතා රැළි මාලාවක්

ඔස්ට්‍රේලියා ආදිවාසික ජනතාව වෙනුවෙන් Australia day  දිනය වෙනස් කළ යුතු බවට අවධාරණය කරන ජනතා රැළි මාලාවක් ක්‍රියාත්මක වෙනවා.

බොහෝ රැළි  ආදිවාසික ජනතාවගේ මූලිකත්වයෙන් ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙල්බන් ප්‍රාන්ත පාර්ලිමේන්තුව අසලට රැස්වූ අති විශාල පිරිසක් කියා සිටින්නේ ජනවාරි 26 වැලපීමේ දිනයක් ලෙස නිල වශයෙන් නම් කළ යුතු බවයි.

විදේශිකයන් ඔස්ට්‍රේලියාවට ළඟා වූ දිනය ඔස්ට්‍රේලියා ඩේ ලෙස සැමරීම නුසුදුසු බවයි ඔවුන්ගේ අදහස.

ඊට පෙර ඔස්ට්‍රේලියාවෙහි වාසය කළ ආදිවාසීන් නොසලකා හැරීමක් එහිදී සිදුවන බවටද චෝදනා නැගෙනවා.

ඒ නිසා ඔස්ට්‍රේලියා ඩේ යෙදෙන දිනය වෙනස් කළ යුතු බවයි රැළි වලට එක්ව සිටින ජනතාව පවසන්නේ.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »