ඔස්ට්‍රේලියා ජනගහනය මිලියන 27 ක්

ඔස්ට්‍රේලියා ජනගහනය මිලියන 27 ඉක්මවා තිබෙනවා.

2023 වසරේ ජුනි මස දක්වා මාස 12 ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය 624100 කින් ඉහළ ගොස් ඇති අතර එම අගය සියයට 2.3ක වැඩිවීමක් බව සදහන්.

එම ජනගහන වර්ධන අගය වසර 10ක සාමාන්‍ය අගයට වඩා සියයට 1.4ක වැඩි අගයක් ගැනීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නවතම වාර්තාව පසුගියදා නිකුත් කර තිබුණා.

ඔස්ට්‍රේලියාව තුළ සංක්‍රමණික ප්‍රජාවගේ වැඩි වීම මෙලෙස ජනගහන වර්ධනය සදහා බලපානු ඇති බව සඳහන්.

දැරිය නොහැකි නිවාස කුලී අර්බුද, ජීවන වියදම හමුවේ මෙලෙස ජනගහනය වර්ධනය වීම රටේ ආර්ථිකයට සෘජුව බලපෑම් කරනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසනවා

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »