
මෙල්බන්හි Public Housing Towers ජනතාව වික්ටෝරියා රජයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ඒත් එම නිවාස ඉවත්කර නව නිවාස ඉදිකිරීමේ සැලසුමට එරෙහිව.
ඉදිකර දිගු කලක් ගතව තිබෙන මහල් නිවාස සංකීර්ණ හතළිස් හතරක් ඉවත් කිරීමට වික්ටෝරියා රජය තීරණය කළා.

ඒ වෙනුවට ඉඩකඩ සහිත නව නිවාස සංකීර්ණ ඉදිකිරීමයි සැලසුම වී තිබෙන්නේ.
එහෙත් මහල් නිවාස ආශ්‍රිත ප්‍රජාවට ඉන් ගැටලු රැසක් මතුවන බව ඒවායෙහි පදිංචිකරුවන් පෙන්වා දෙනවා.

ඒ අනුව ඉනර් මෙල්බන් කමියුනිටි ලීගල් සූදානම් වන්නේ වික්ටෝරියා රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරමින් ඔවුන්ගේ තීරණය බලරහිත බවට තීන්දුවක් ලබා ගැනීමට.