මුද්දර මිලත් ඉහළට

ඔස්ට්‍රේලියාවේ මුද්දර මිල වැඩි කෙරෙනවා.

ඊට ඔස්ට්‍රේලියන් කම්පිටිෂන් ඇන්ඩ් කන්සියුමර් කොමිසම අවසර දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව සාමාන්‍ය මුද්දරයක මිල ඩොලර් ශත 30 කින් වැඩි කෙරෙනු ඇතැයි වාර්තා වෙනවා.

දැනට එම මුද්දරයක් ඩොලර් 1 යි ශත 20 ක් වන අතර ඉදිරියේදී එය 1 යි පනහක් වනු ඇති.

ග්‍රෑම් 125 ක තැපැල් ගාස්තුව ශත 60 කින් වැඩිවී ඩොලර් 3 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

ග්‍රෑම් 250 ක් සඳහා නව ගාස්තුව ඩොලර් 4 යි ශත 50 ක් බවට පත්වන්නේ ශත 90 ක වැඩිවීමකින් බවයි පැවසෙන්නේ.

මහජන යෝජනා සහ අධ්‍යයන සමග ලබන මාසයේ 15 වනදාට පසු මිල වැඩි කිරීමේ අවසන් තීරණයට එළඹෙන බවයි ඔස්ට්‍රේලියා පෝස්ට් පෙන්වා දෙන්නේ.

 

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »