මිචෙල් ස්ටාක් ටෙස්ට් කඩුලු 350 සීමාවට

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 266 ක් ලබා ගත්තා.

බිඳවැටුණු කඩුළු සංඛ්‍යාව 8 ක්.

බ්‍රිස්බේන් හි දිවා රාත්‍රී ලෙස පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඔවුන්ගේ මුල් කඩුලු පහ ලකුණු 64 කට දවා ගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුවත් ජොශුවා ඩසිල්වා සහ කවිම් හොජ් 6 වන කඩුල්ලට ලකුණු 149 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුණා.

ජොශුවා ඩ සිල්වා ලකුණු 79 ක් ද කවිම් හොජ් ලකුණු 71 ක් ද රැස් කළා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් ලකුණු 68 කට කඩුලු 4 යි.

ඔහු මෙම තරගයේදී ටෙස්ට් කඩුලු 350 සීමාව පසු කිරීම විශේෂත්වයක්.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »