Australia Day සැමරුම් රැසක්

ඔස්ට්‍රේලියාවේ ජාතික දිනය හෙවත් Australia Day අදට යෙදී තිබෙනවා.

1788 වසරේදී නිවු සවුත් වේල්ස් හි පෝට් ජැක්සන් වෙත ගොඩ බසින ලද දේශ ගවේෂකයන් කණ්ඩායමක් විසින් බ්‍රිතාන්‍ය ධජය එසවූ දිනය සංකේතවත් කරමිනුයි එය සමරනු ලබන්නේ.

එවක ඔස්ට්‍රේලියාව හඳුන්වනු ලැබුවේ නිව් හොලන්ඩ් ලෙසයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබන පිරිසකට නිල වශයෙන් එය පිරිනැමීමද සිදුවන්නේ අද දිනයේදීයි.

මෙවර Australia Day සමගාමී වෙළඳ භාණ්ඩ අලෙවිය වූල්වර්ත් ,Kmart සහ ඇල්ඩි යන සුපිරි වෙළඳසැල් වර්ජනය කර තිබුණා.

මීට අමතරවඔස්ට්‍රේලියාවේ ජාතික දිනය සදහා Australia Day යන නම වෙනුවට ඉන්වේසන් ඩේ ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ කතිකා නිර්මාණය වුණා.

කෙසේ වෙතත් Australia Day සමගාමීව ප්‍රධාන නගරවල උත්සව සංවිධානය කර ඇති අතර සිඩ්නි ඔපෙරා හවුස්හි  ආදිවාසී ඉතිහාසය සහ සංස්කෘතික අංග ඇතුලත් වැඩසටහන් බොහොමයක් සංවිධානය වනු ඇති.

 

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »