ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විශාලතම ලාංකීය ක්‍රිකට් තරගාවලිය අද

කලුතර විද්‍යාලයේ ඔස්ට්‍රේලියා ආදි ශිෂ්‍ය සංගමය මෙහෙයවන “ශ්‍රී ලංකන් ක්‍රිකට් කානිවල් 2024” අද පැවැත්වෙනවා.

ඒ මෙල්බන් Narre Warren Sweeney Reserve ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිරිමි පාසල් 32 ක ආදි සිසුන් සහභාගීවන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මෙහි ප්‍රධානතම ඉසව්වයි.

ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බාලිකා පාසල් 04 ක ආදි ශිෂ්‍යාවන් වෙනුවෙන් වෙනම තරගාවලියක් ද අද පැවැත්වෙනවා.

ඕනෑම වයස් කාණ්ඩයක පිරිස් සඳහා විවිධ වැඩසටහන් ගණනාවක් එහිදි සංවිධාන කර තිබීම විශේෂත්වයක්.

විවිධ ආහාර පාන – ලාංකික කෑම වර්ග – පපරේ සංගීතය මෙන්ම කුඩා ළමුන් වෙනුවෙන් සැකසුණු විශේෂාංග ද ඊට අයත්.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩකන් පිරිසක් ද  සහභාගීවීමට නියමිතයි.

තරගාවලිය අද උදෑසන ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකන් ක්‍රිකට් කානිවල් 2024 සඳහා මාධ්‍ය අනුග්‍රහය AusLanka TV / AusLanka Radio මාධ්‍ය ජාලයෙනි.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »