ඔස්ට්‍රේලියාවේ සැමට බදු සහන

ඔස්ට්‍රේලියාවේ සියලු ආකාරයේ ආදායම්ලාභීන්ට නව ක්‍රමවේදය යටතේ බදු සහන හිමිවන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පෙන්වා දෙනවා.

ඔහු කියා සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වැටුප ඩොලර් හැත්තෑ තුන් දහසක් බවයි.

එවැනි ආදායමක් ලබන්නෙකුට වාර්ෂිකව හිමිවන බදු සහනය ඩොලර් එක් දහස් පන්සියයක් පමණ වනවා.

පූර්ණ කාලීන සේවකයකුගේ වාර්ෂික ඩොලර් වැටුප  ලක්ෂයක් පමණ වන අතර එවැන්නකුට ලැබෙන සහනය ඩොලර් 2100 පමණ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සෙසු මධ්‍ය ආදායම්ලාභීන්ට ඩොලර් අටසියකට වැඩි සහනයක්ද හිමිවනවා.

මෙඩිකයා බදු සංශෝධනයද ජනතාවට සහන රැසක් අත්කර දෙන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

එහි ප්‍රතිඵල අඩු ආදායම්ලාභීන් මිලියන එකයි දශම දෙකක පිරිසකට අදාළ බව සඳහන්.

මෙම නව සැලසුම් මගින් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන අතර අඩු හා  මධ්‍ය ආදායම්ලාභීන්ට ස්ථාවර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමට ද හේතු වන බවයි අග්‍රාමාත්‍යවරයාගේ අදහස.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »