පාද කපා ඉවත් කළ කුක් නගා සිටුවීමට පියවර

St. Kilda හි කැප්ටන් ජේම්ස් කුක්  ප්‍රතිමාව නැවත ස්ථාපනය කරන බව වික්ටෝරියා අග්‍රාමාත්‍යය ජසින්ටා ඇලන් පවසනවා.

එය කිසිවෙකු විසින්  දෙපාවලින් කපා ඉවත් කර තිබෙනවා.

වැනි ක්‍රියාවන්ට වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඉඩක් නැති බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

ප්‍රතිමාව කපා ඉවත් කිරීම ඔස්ට්‍රේලියා ඩේ වෙනුවෙන් සිදු කරන ලද්දක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙල්බන්හි පිහිටුවා ඇති වික්ටෝරියා රැජිණගේ ප්‍රතිමාවට ද රතු පැහැ තීන්ත තවරා තිබෙනවා.

ඒවා ඉවත් කිරීම ද කඩිනමින් ආරම්භ කෙරුණා.

සිදුවීම් දෙක සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »