බදු වෙනස්වෙන හැටි

තුන්වන අදියරේ බදු සංශෝධන සැලසුම් වෙනස් කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව බදු ගෙවන බහුතරයකට ඩොලර් 804 ක බදු සහනයක් ලැබෙනු ඇති සඳහන් වෙන්නේ.

දැනට ඩොලර් 45000 ට අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් බදු සහනයක් සැලසීමට මීට පෙර රජය තීරණය කර තිබුණේ නැහැ. 

එහෙත් ඔවුන්ට බලපාන බදු ප්‍රතිශතය සියයට 19 සිට සියයට 16 දක්වා අඩු කෙරෙනවා.

ඩොලර් 45000 සිට ලක්ෂ 2 දක්වා අයකිරීමට සැලසුම් කළ බදු මුදල සියයට 30 ක්. 

එහෙත් එය වෙනස් කළ රජය, ඩොලර් 45000 සිට 135000 දක්වා පමණක් සියයට 30 ක් බදු අය කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ඩොලර් 135000 සිට ලක්ෂ 2 ක් දක්වා අයකිරීමට නියමිත නව බදු මුදල සියයට 37 ක්. 

මීට පෙර බදු අඩු කිරීමේ සැලසුම්වලදී රජය අපේක්ෂා කළේ සියයට 37ක බදු ඉවත් කිරීම.

එහෙත් ඊයෙ රැස්වූ අමාත්‍ය මණ්ඩලය නව සැලසුම් අනුමත කර තිබෙනවා.

 

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් ගැනීමෙන් පසු හැදුණු ලෙඩ ගැන ලොව කළඹමින් නවතම සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

COVID-19 වෛරසය සඳහා මොඩර්නා (Moderna) සහ (ෆයිසර්) Pfizer එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරයෙක් පුතා සමග ඉන්දියාවේදී පැවිදි බිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේදී තාවකාලිකව පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.

Read More »