
සරම්ප ආසාධිත රෝගියෙකු සිඩ්නි ගුවන්තොටුපල පරිශ්‍රයෙන් හමුවීමත් සමග සරම්ප අවධානම පිළිබඳ සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.
එම පුද්ගලයා ඉන්දියානු සංචාරයක් නිම කර යළිත් සිඩ්නි ගුවන් තොටුපලින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපලින් දිවයිනට පැමිණ ඇති බව සදහන්.
සරම්ප ආසාධිත රෝගියා ගුවන්තොටුපලින් පිටව කැන්බරා වෙත බස් රථයකින් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

සරම්ප ආසාධිත රෝගියා පසුගිය සෙනසුරාදා දින ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට සිඩ්නි බලා පැමිණ ඇති අතර එහිදි සරම්ප රෝගය වැළද ඇති බව විශ්වාස කෙරෙනවා.
කෙසේ වෙතත් එදින Murrays බස් සේවයෙන් ගමන් කළ පුද්ගලයින්ට මේ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

උණ, නාසයෙන් සොයු දියර ගැලීම, ඇස්වල වේදනාව සහ කැස්ස සරම්ප රෝගයේ ලක්ෂණ වන අතර එම රෝග ලක්ෂණ මතුව දින තුනක් හෝ හතරකට පසු රතු ලප හටගන්නේ නම් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි ජනතාව දැනුවත් කර ඇත්තේ.
මෙලෙස හටගන්නා ලප කැසීමට යෑමේ දි තවදුරයත් ශරීරය පුරා ව්‍යාප්ත් වන බව සඳහන්.
සරම්ප රෝගය වැළදි පුද්ගලයකුට නිරාවරණය වීමෙන් දින 18ක් තුළ එම රෝග ලක්ෂණ මතුවිය හැකියි.