Search

ඔස්ට්‍රේලියාවේ ගෘහාශ්‍රිත සුරතලුන් සංඛ්‍යාව මිලියන 30 දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාවේ ගෘහාශිතව ඇතිකර සුරතල් සතුන් ගණන මිලියන 28.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Finder වාර්තා පෙන්වා දෙන්නේ සුරතල් සතුන් ඇතිකරන රටවල් අතර ඔස්ට්‍රේලියාව ඉහළ ස්ථානයක පසුවන බවයි.

මේ වන වින ඔස්ට්‍රේලියානු නිවාස එකක් වලින් සියයට 69කට ආසන්න ප්‍රමාණයක සුරතල් සතුන් ඇති කරන බව සඳහන්.

මේ අතර මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් තම සුරතල් සතුන් නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ කැමරා භාවිත කරන බව හෙළිව තිබෙනවා.

තම සුරතලුන් නිවසින් පිටතට යන අවස්ථාවේදී ඒ පිළිබඳ නිරීක්ෂණය සඳහා මෙලෙස කැමරා භාවිත කර ඇති බව සඳහන්.

සමීක්ෂණයට සහභාගිවූ පුද්ගලයින් 1062 අතුරින් සියයට 22ක් පමණ නිවසින් බැහැරට යන තම සුරතලුන් නිරීක්ෂණ කැමරා මගින් සොයාබැලීමට ලක්කරන බවයි.

මේ අතර ඔස්ට්‍රේලියානු සුරතල් සතුන් හිමියන්ගේ සියයට 16ක් පමණ තම සුරතල් සතුන් රක්ෂණය කර ඇති බවද වාර්තා වනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »