Search

තට්ටු විස්සේ ලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමනට සූදානම්

ලොව විශාලතම සංචාරක මගී නෞකාව ලබන ජනවාරි 27 වනදා Miami වරායෙන් පළමු නිල සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.

Icon of the sea ලෙස නම් කර ඇති මෙම නෞකාවෙන් වරකට මගීන් 7600 දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

නෞකාවේ කාර්ය මණ්ඩලය 2350ක් සේවයේ නිරත වන අතර ජනවාරි 27 වනදාට අදාල සංචාරය සඳහා මේ වන විටත් සියලු වෙන්කරගැනීම් සිදුකර අවසන්

Icon of the sea නෞකාව ඇතුලේ සුවිශේෂි අංග රැසකින් සමන්විත වන අතර ඉතා විශාල ආලින්දයක් ද සහිතයි.

Sunset නැරඹීම සඳහා ඊටම වෙන්වූ උඩු මහලේ විශේෂ අංගනයක් ස්ථාපිත කිරීම විශේෂත්වයක්.

නෞකාව මධ්‍යයේ අලංකාර උද්‍යානයක් ද නිර්මාණය කර තිබෙන අතර පෞද්ගලික පරිහරනය සඳහා වෙන්වු ආපනශාලාවක්ද ද පිහිටා ඇති බව සදහන්.

නෞකාවේ දිග මීටර් 365 ක් වන අතර එහි බර දළ වශයෙන් ටොන් 250800 ක් බවයි වාර්තා වන්නේ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »