
ඔස්ට්‍රේලියානුවන් වසරකට ඩොලර් 345819ක් උපයන තෙක් තමන් ධනවත් යැයි නොසලකන බව නවතම අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව එම අගය සාමාන්‍ය ඒක පුද්ගල ආදායම වන ඩොලර් 72753 ට වඩා 5 ගුණයක වැඩි අගයක් ගන්නා බවයි.
Finder හි මුදල් විශේෂඥවරියක් වන රෙබෙකා පයික් පැවසුවේ වැඩි මුදලක් සඳහා පුද්ගලයි ආශා කිරීම භයානක ක්‍රීඩාවක් විය හැකි බවයි.

ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් ඩොලර් 346000 ට ආසන්න මුදලක් උපයන බව සදහන්.
ඉහළ යන දේපල මිල මෙන්ම බලශක්ති බිල්පත් අගය දැරිය නොහැකි ලෙස ඉහළ යෑමත් සමඟ සාමාන්‍ය පුද්ගලයෙකුට ධනවත් වීමට තවත් බොහෝ දේ උපයා ගත යුතු බවයි Finder වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර Finder දත්ත වලට අනුව සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුගේ වාර්ෂික ඉතුරුම් අගය 37975ක් ලෙස සදහන්