
ඔස්ට්‍රේලියාවේ නව පාසැල් වාරය ආරම්භය පෙර දෙමාපියන් දැඩි ආතතියකින් පසුවන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
පුද්ගලයන් 1039 දෙනෙකු යොදාගනිමින් Finder විසින් සිදු කළ සමීක්ෂණකයදි අනාවරණය වී ඇත්තේ පවතින අධික ජිවන වියදම හමුවේ දෙමාපියන්, තම දරුවන් නැවත පාසැල් වෙත යොමු කිරීමේ දැඩි අරගලයක පසුවන බවයි.
සමීක්ෂණයට සහභාගී වූවන් අතුරුනි සියයට 30 පමණ පාසල් උපකරණ සහ නිල ඇඳුම් වැනි අත්‍යවශ්‍ය දේ මිලදී ගැනිමේ දැඩි අපහසුතාවයෙන් පසුවන බවයි.

මේ හේතුවෙන් තම දරුවන් නැවත පාසලට යැවීම සඳහා බොහෝ පිරිසක් ණය වී ඇති බව සදහන්.
කෙසේ වෙත්ත ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගෙන් සියයට 50ක පමණ පිරිසකට තම දරුවන් කිසිදු අපහසුතාවයකින් තොරව නැවත පාසලට යැවීමට හැකියාවක් පවතින බව සොයාගෙන තිබෙනවා.

සමීක්ෂණයට ලක් කළ දෙමාපියන්ගෙන් සියයට 11කට ප්‍රාථමික පාසල් දරුවකු සඳහා සාමාන්‍යයෙන් ඩොලර් 2547ක් සහ ද්විතීයික පාසලකට යන සිසුන් සඳහා ඩොලර් 4793ක් වැනි මුදලක් පාසල් වියදම් වශයෙන් ගෙවීමට සිදුවන බව සඳහන් කොට තිබීම විශේෂත්වයක්.
National Australia Bank සඳහන් කොට ඇත්තේ පෙබරවාරි මාසයේදී ඩොලර් 640000 ට වඩා පොලී රහිත ණය ලබා ගැනීමට ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන බවයි