ඔස්ට්‍රේලියානු අගමැති නිවසේ හිමිකරු වෙන්න අවස්ථාවක්

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇලබනීස්ගේ පැරණි නිවස විකිණීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව Adrian William Newtown නිවාස වෙළදාම් ඔස්සේ නිවස විකිණීමට අදාළ දැන්වීම් යොමුකර ඇති බව සදහන්.

අග්‍රාමාත්‍යවරයාගේ පැරණි නිවස ඔහු මිලදී ගත් මුදලට සාපේක්ෂව වඩා දෙගුණයකටත් වඩා වැඩියෙන් අලෙවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Marrickville හි පිහිටි මෙම නිවස නිදන කාමර තුනකින් සමන්විතයි.

2012 වසරේ ඇන්තනී ඇල්බනීස් විසින් මෙම නිවස එය ඩොලර් 1115000 ක මිලකට ලබාගෙන ඇති අතර පසුව ඔහු වෙනත් නිවෙසක් වෙත මාරුවීමේදි නිවෙස
කුලී පදනම මත ලබා දී තිබුණා.

ඔහු වසරකට ඩොලර් 115000 ක කුලී ආදායමක් එම නිවසින් උපයාගෙන ඇති බව සදහන්.

2021 වසරේ දී එම නිවස ඩොලර් 2350000 අලෙවිය සදහා යොමු කර ඇති අතර නැවත වරක් එම මිල ගණන් යටතේම අලෙවිය සදහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයෙකුට අයත්ව තිබූ දේපලක් හිමිකර ගැනීමට උනන්දුවක් දක්වන අයෙකු සිටී නම් මෙය වඩාත් වැදගත් අවස්ථාවක් විය හැකියි.

කුක් ගඟට සමීපයේ පිහිටි මෙම නිවස වඩාත් ආකර්ෂණීය වන අතර සාම්න්‍යයෙන් Marrickville හි මධ්‍යම නිවාසක මිල ඩොලර් මිලියන 1.94 ක අගයක් ගනු ලබනවා.

කෙසේ වෙතත් පවතින නිවාස අර්බුදයන් සමග Marrickville හි නිවාස මිල පසුගිය මාස 12 තුළ සියයට 7.4කින් ඉහල ගොස් තිබුණා.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »