පිහි ඇනුමකින් තුවාල ලද පුද්ගලයෙක් රෝහල්ගත කර තිබෙන බවයි වික්ටෝරියා පොලිසිය පවසන්නේ.
ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වෙනවා.
දෙදෙනෙකු අතර ගැටුමකදී පිහි ඇනුම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකසහිත පුද්ගලයෙකු ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම සිදුකළ අවස්ථාවේදී අනවසරයෙන් නිවසෙහි වගාකර තිබූ කංසා පැළ දොළහක්ද පොලිසිය සොයා ගත්තා.
ඒ අනුව සැකකරු රඳවාගෙන ප්රශ්න කර ජීලොන්ග් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.