මෙල්බන් හයිවේ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

මෙල්බන් හයිවේ හිදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ගමන් ගත් මෝටර් රථය තවත් රථයක ගැටී ඇති බවයි සඳහන් වෙන්නේ.

තුවාල ලද පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා.

එක් අයෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස් මෝටර් රථයෙහි ගැටුණු රථය පදවාගෙන ආ කාන්තාවට කිසිදු හානියක් නැති බවද වාර්තා වෙනවා.

අනතුර සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »