වික්ටෝරියා ප්‍රාන්තයට රෝග අවදානමක්

ජලගැලීම්වලට ගොදුරු වූ ඔස්ට්‍රේලියා ප්‍රදේශවල ජනතාව අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට පියවර ගත යුතු බවට සෞඛ්‍ය අංශ  අවධාරණය කරනවා.

බොහෝ නිවාස ආශ්‍රිතව ජලය තැනින් තැන එක් රැස් වී තිබිය හැකියි.

ඒවා මදුරුවන් බෝ වීමට සාධක සපයන බව ක්වීන්ස්ලන්ඩ් ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ටාන්‍යා රසල් පෙන්වා දෙනවා.

මදුරුවන්ගෙන් බෝවන රෝග රැසක් ව්‍යාප්ත වීමේ ඉඩකඩ පවතින බවයි ඇගේ අදහස.

2022 ජලගැලීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ සහ නිව් සවුත් වේල්ස් සීමාවෙහි මදුරුවන්ගෙන් බෝවන එන්සෙෆලයිටිස් රෝග ව්‍යාප්ත වුණා.

මෙවරද වික්ටෝරියා ප්‍රාන්තයට එම අවදානම ඇතැයි ඇය පෙන්වා දී තිබෙනවා. 

එම තත්ත්වය පාලනය සඳහා නිවාස ආශ්‍රිත පරිසර පිරිසිදු කර ගැනීම ජනතා වගකීමක් බවයි අවධාරණය කර තිබෙන්නේ.

ඊට අමතරව සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය වන ඇඳුම් භාවිත කිරීමද මදුරු දෂ්ඨනවලින් වැළකීමට හේතු වන බව සඳහන්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »