
බදු අඩු කිරීමේ සැළසුම සංශෝධනය වී ඇති බවට මත පල වෙනවා.
අමාත්‍ය මණ්ඩලය ඊයේ හමු වුණා.
එහිදී බදු සහන සම්බන්ධ අවසන් තීරණයකට එළඹ ඇති බවයි වාර්තා වෙන්නේ.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් ලේබර් පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් පස්වරුවේ පැවැත්වෙනවා.
එහිදී නව සංශෝධන පිළිබඳ ව සාකච්ඡා කෙරෙනු ඇතැයි සඳහන්.

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම සඳහා බදු සංශෝධනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී උද්ධමනය වැඩිවීම වළක්වමින් ජනතාවට සහන සලසන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ අදහස් ද විමසා තිබෙන බව වාර්තා වෙනවා.