ඕස්ට්‍රේලියානු රජය​ එක්සත් රාජධානියේ කොරෝනා වයිරසයට ප්‍රතිචාර වශයෙන් දේශීය හා ජාත්‍යන්තර සංචාර සඳහා නව නීති රීති පනවයි!

ඕස්ට්‍රේලියානු රජය​ එක්සත් රාජධානියේ කොරෝනා වයිරසයට ප්‍රතිචාර වශයෙන් දේශීය හා ජාත්‍යන්තර සංචාර සඳහා නව නීති රීති පනවයි!

ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම අයෙකු ඔවුන් සිටින රටෙන් පිටව ඒමට පෙර​ කොරෝනා පරීක්‍ෂණයක් පවත්වා එහි ප්‍රතිඵලය ඍණාත්මක බවට පෙන්විය යුතුවේ. තවද, ඕස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් ගමන් සඳහා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්‍ය වේ.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී පවසා සිටියේ ලබන මාසයේදී ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ගුවන් ගමන් වාර අඩු කිරීමේ අරමුණින් මෙම පියවර ප්‍රකාශයට පත් කරන ලද බවයි.

ඔහු අවධාරණය කරමින් කියා සිටියේ ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය ඕනෑම ගෘහස්ථ ගුවන් ගමනක දී සහ සියලුම ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපළවල් තුළ මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි.

වයස අවුරුදු 12 ට අඩු ළමයින් සහ විශේෂිත වෛද්‍ය තත්වයන් ඇති අය මෙම නීතියෙන් නිදහස් කර ඇත.

ඕස්ට්‍රේලියානු මගීන් සහ කාර්ය මණ්ඩලය ඕනෑම ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී හෝ විදේශීය ගුවන් තොටුපලවල මුහුණු ආවරණ පැළඳිය යුතුය.

ජාත්‍යන්තර ගුවන් කාර්ය මණ්ඩලය සෑම දින හතකට වරක් ඕස්ට්‍රේලියාවේ COVID-19 පරීක්ෂණයකට භාජනය විය යුතු අතර, ඔවුන්ට විශේෂ නිරෝධායන ස්ථානයක් ඇති අතර ඔවුන්ට එහා මෙහා යාමට අවසර නැත.

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා නව නීතිරීතිවලට සමගාමීව ඕස්ට්‍රේලියාවට ඇතුළු වන ජාත්‍යන්තර සංචාරකයින්ගේ සීමාවන් අඩු කරන බව මොරිසන් පැවසීය.
ඒ අනුව පහත පරිදි ජාත්‍යන්තර සංචාරක සීමාවන් එක් එක් ප්‍රාන්ත සඳහා වෙන් කෙරේ;
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය​ – සතියකට සංචාරකයින් 1505 ක්
බටහිර ඕස්ට්‍රේලියාව – සතියකට සංචාරකයින් 512 ක්
ක්වීන්ස්ලන්තය – සතියකට සංචාරකයින් 500 ක්
වික්ටෝරියා ප්‍රාන්තය – වෙනසක් නැත
දකුණු ඕස්ට්‍රේලියාව – වෙනසක් නැත (දැනට 490)

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

Read More »
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.