ග්ලෙන් මැක්ස්වෙල් මත්පැන් නිසා රෝහලේ

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මත්පැන් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව මැක්ස්වෙල් ඇඩිලෙඩ් හි රෝහලක් වෙත මෙලෙස ඇතුලත් කර ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විමර්ශණ ආරම්භ කර ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව සදහන් නැහැ.

පසුගිය 19 වනදා ඔහු සිහිසුන්ව ඇදවැටිමෙන් අනතුරුව ගිලන් රථයකින් රෝහල් ගත කර ඇති බව සදහන් වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින සංචිතයට මැක්ස්වෙල් නම් කර තිබුණේ නැහැ.

සිද්ධිය සිදුවූ දින මැක්ස්වෙල් ප්‍රසංගයකට සහභගිව ඇතැයි සදහන් වන අතර එහිදි මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරතුර මැක්ස්වෙල් මත්පැන් පානය කර සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

 

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »