
මෙල්බන් හි මධ්‍ය නිවාස මිල ඉහළ යනු ඇතැයි ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් ඔස්ට්‍රේලියා පවසනවා.
ඉදිරි මාස 18 දී මිල ඩොලර් එක් ලක්ෂ දස දහසකින් වැඩිවිය හැකි බවයි සඳහන් වෙන්නේ.
2026 වනවිට මෙල්බන් මධ්‍ය නිවාස මිල ඩොලර් එකොළොස් ලක්ෂ 58,000 ක් පමණ වනු ඇතැයි ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් ඔස්ට්‍රේලියා පෙන්වා දෙනවා.

මේ අතර රෙසිඩන්ෂල් ප්‍රොපර්ටි ප්‍රොස්පෙක්ට්ස් පෙන්වා දෙන්නේ සියයට හයයි දශම පහකින් මෙල්බන් නිවාස මිල වැඩිවිය හැකි බවයි.
ඉල්ලුම වැඩිවීම සහ අවකාශය සීමාසහිත වීම මිල වැඩිවීමට සාධකයක් බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.
