මෙල්බන් විරෝධතා හේතුවෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට දැඩි හානි

මෙල්බන් වරාය ආශ්‍රිත විරෝධතා හේතුවෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට දැඩි හානි සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

පලස්තීන ආධාරකරුවන් දින කිහිපයක සිට වරාය මෙහෙයුම්වලට බාධාවන අයුරින් විරෝධතාවල නිරත වෙනවා.

ඒ හේතුවෙන් අති විශාල ප්‍රමාණයේ බහාලුම් පනස් දහසක් පමණ වරායෙන් ඉවත් කිරීමට නොහැකි වී ඇතැයි වික්ටෝරියා ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් විධායක නිලධාරී බෲනෝ පොෂීටෝ පවසනවා.

ඊශ්‍රායල නෞකාවක් ඇතුළු නෞකා 8 ක මෙහෙයුම්වලට විරෝධතාවලින් බාධා සිදුව තිබෙනවා.

ඊශ්‍රායල නෞකාව ඇතුළු නෞකා මෙහෙයුම් ප්‍රමාදවීමෙන් හානිවන්නේ ඔස්ට්‍රේලියා ආර්ථිකයට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »