විහාරස්ථානයේදී හිමි නමකට වෙඩි තබා ඝාතනය කරයි

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරවාසී හිමිනමක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද (ජන. 23) උදෑසන 11.50 ත් 12.00ත් අතර කාලය තුළ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

43 හැවිරිදි කලපලුවාවේ ධම්මරතන නම්වූ උන්වහන්සේ අපවත්වී ඇත්තේ ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

වැලිවේරිය විහාරස්ථානයක වෙසෙන උන්වහන්සේ තාවකාලිකව කහටාන ගණාරාම මහා විහාරයේ සිට ඇති බව පොලිසිය සදහන් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පුද්ගලයන් 4 දෙනෙකු මෝටර් රථයකින් අදාළ හිමිනම වැඩ වාසය කළ විහාරස්ථානයට පැමිණ මත්ද්‍රව්‍ය ළඟ තිබේදැයි පරීක්ෂා කිරීමට යැයි පවසා එම ඝාතනය සිදු කර ඇති බව යි.

ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරට ත් සඳහන් කර තිබෙනවා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »