ස්කොට් මොරිසන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ තිරණයක

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් වසර 16ක සිය දේශපාලන ජීවිතයෙන් විශ්‍රාම ගැනීමට තිරණය කර තිබෙනවා. 

ස්කොට් මොරිසන් අවස්ථා දෙකකදී ඔස්ට්‍රේලියාවේ අගමැති තනතුර සඳහා තේරි පත්වු අතර වසර 16 ෆෙඩරල් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබුණා.

2022 වසරේ මැයි මස පැවති මැතිවරණ පරාජයෙන් පසුව දේශපාලන කටයුතු වල වැඩි වශයෙන් නිරත නොවු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ඉතා ඉක්මනින් ඒ බව ප්‍රකාශයට පත් කරනු ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව එළඹෙන් පෙබරවාරි මස බොහෝ දුරට ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වෙනු ඇතැයි විචාරකයින් පවසනවා.

මොරිසන් ප්‍රථම වරට 2007 දී දේශපාලනයට පැමිණි අතර ඔහුගේ  අග්‍රාමාත්‍ය ධූරකාලය තුළ සිදු කළ සේවාවන් ඇගයීමට ලක් කරන අතර කොවිඩ් වසංගත කාලසීමාව තුල මෙන්ම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සුරක්ෂිත කිරීමට ගත් තීරණ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ස්කොට් මොරිසන්   ඇගයීමට ලක් කලා.

 

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »