2023 T 20 පිටියේ හොඳම කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කර තිබෙනවා.

එම කණ්ඩායමේ නායිකාව ලෙස පත් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තුයි.

මෙම කණ්ඩායම සඳහා කැපී පෙනෙන ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර චමරි අතපත්තුගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ලද විශිෂ්ඨ දායකත්වය ඇගයීමට ලක්කර තිබුණා.

චමරි අතපත්තු ICC කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර කේල්ටවුන් හි පැවති තරඟයේ හොදම ක්‍රිඩිකාව ලෙසින් නව ආරම්භවක් ලබා ගැනීමට සමත් වුණා.

ඇයගේ ප්‍රහාරාත්මක පිති හරඹයෙන් හයේ පහර 15ක් ලබා ගත් අතර ඒ කාන්තා තරඟාවලියක ලැබූ ඉහළම අගය ලෙස සඳහන්.

ජාත්‍යන්තර කණ්ඩායම සඳහා ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Ash Gardner සහ Megan Schutt ඇතුලත්.

මේ අතර ඉන්දියාවේ Deepti Sharma සහ බ්‍රිතාන්‍යයේ Sophie Ecclestone ද ඇතුලත් බව සදහන්.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »