අන්තර්ජාල වංචනික ක්‍රියා පැමිණිලි තුන් ගුණයකින් ඉහළට

රැකියා ලබා දෙන මුවාවෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ රැකියා සඳහා ඉල්ලුම් කරන ඔස්ට්‍රේලියානුවන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි අනතුරු අගවා ඇත්තේ.

Scamwath දත්ත අනුව පසුගිය වසරේ ඔස්ට්‍රේලියානුවන් 4800ක් පමණ රැකියා වංචනික ක්‍රියාවන්ට ගොදුරු ව ඇති බව සදහන්.

විශේෂයෙන් වයස අවුරුදු 14ත් 44ත් වියෙහි පසුවන පුද්ගලයින් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියාවන්ට වැඩි වශයෙන් ගොදුරු වන බවයි Scamwath වාර්තා පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන් පමණක් නොව විදේශිකයින් ද මෙලෙස අන්තර්ජාල රැකියා ජාවාරම් වලට ගොදුරු වනවා.

අන්තර්ජාලය ඔස්සේ සිදුවෙන රැකියා වංචා හේතුවෙන් පසුගිය වසරේ දී ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වු මුදල ඩොලර් මිලියන 24.7ක්

2022 වසරේ එම අගය සටහන්ව ඇත්තේ ඩොලර් මිලියන 8.7ක් ලෙසයි.

රැකියා සඳහා ඉල්ලුම් කිරීමේ දී අදාළ සමාගමේ විශ්වසනීයත්වය ගැන සලකා බැලීම සම්බන්ධව තවදුරටත් ජනතාවට උපදෙස් ලබා දෙනවා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »