මෙල්බන් ආශ්රිත රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් තිබෙනවා.
වේගය පාලනය කළ නොහැකිවීම හේතුවෙන් රථය අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
අනතුර සිදුව ඇත්තේ බ්රෝඩ්මිඩෝස්, කෑම්ප් රෝඩ් හිදී.
රථයේ ගමන් කළ පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් පසු රියදුරු ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
අනතුර සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.