ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත සැමෝවා සුරූපිනිය Miss Global අනුශූරතාවයට

ලොව ප්‍රතම වරට ජාත්‍යන්තර Miss Global රූපලාවන්‍ය තරඟාවලියේ අනුශුරතාව දිනා ගැනීමට සැමෝවා රාජ්‍යයේ නිරූපන ශිල්පිනියක සමත්ව තිබෙනවා.

මෙලෙස ජයග්‍රහනය කර ඇත්තේ Haylanni Kuruppu යන ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත තරුණියක් වීම විශේෂත්වයක්.

ඇයගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර මව සැමෝවා ජාතික කාන්තාවක්.

පැසිපික් කලාපීය කුඩා රාජ්‍යකින් මෙලෙස ජාත්‍යන්තර තරගාවලියකින් ප්‍රථම ස්ථාන අතරට එක්වු පළමු අවස්ථාව ද මෙය වනවා.

ඇය හිටපු සැමෝවා රූ රැජිනක් ද වන අතර මෙවර තරගාවලිය වියට්නාමයේ දී පවත්වා තිබුණා.

තරගාවලිය අංශ කිහිපයක් ඔස්සේ සංවිදානය කර තිබූ අතර තරගාවලියට සහභාගි වූ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්ත රූමතියන් අභිබවා සැමෝවා තරුණියක් ජයග්‍රහනය කිරීම වැඩි දෙනාගේ අවධානයට පාත්‍රවී තිබෙනවා.

තරගාවලියේ ශූරතාව Puerto Rico රාජ්‍ය හිමිකර ගත් අතර වියට්නාමය සහ තායිලන්තය නියෝජනය කර පැමිණී රූමතියන්ද පළමු පස් දෙනා අතරට එක්වීමට සමත්ව තිබුනා.

අනුශූරතාව සඳහා නිවේදනය කිරීමේ දී ලෙස සැමෝවා රාජ්‍ය ලෙස සඳහන් කිරීමත් සමග සෝමාලියානු රාජ්‍ය නියෝජනය කර පැමිණ රූමතිය ඉදිරියට පැමිණීම ද කාගේත් අවධානයට යොමු වුණා.

ඇය මේ වන විට සිය දෙමාපියන් සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටිනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »