Search

හමාස් සංවිධානයට ඔස්ට්‍රේලියා සම්බාධක

හමාස් සංවිධානය වෙත සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියාවද එකඟ වන බවයි විදේශ අමාත්‍ය පෙනී වොන්ග් පවසන්න.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය හමාස් සංවිධානයට ආර්ථික සම්බාධක පැනවීමට තීරණය කළා.

ඊට එක්වෙමින් හමාස් සංවිධානය සහ ඊට අනුබද්ධිත තවත් ක්‍රියාකාරී කණ්ඩායම් කිහිපයකට එරෙහිව සම්බාධක පනවන බවයි ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය සඳහන් කරන්නේ.

හමාස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව ද ආර්ථික සම්බාධක පැනවීමෙන් හමාස් හි මූල්‍ය ස්ථාවරත්වයට අභියෝග කළ හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

මුදල් රැස්කිරීමට හමාස් සංවිධානය විවිධ ක්‍රියාකාරකම්වල නිරතවන අතර ක්‍රිප්ටො කරන්සි ආදිය ද භාවිත කිරීම වර්ධනය වී තිබෙනවා.

එවැනි තත්ත්වයකදී විවිධ ක්ෂේත්‍රවලින් ඔවුන්ට සම්බාධක පැනවීමට පියවර ගන්නා බවයි පෙනී වොන්ග්  පවසන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »