ඔස්ට්‍රේලියාව තුළ නැවතත් කොවිඩ් වර්ධනයක්

ඔස්ට්‍රේලියාව තුළ නැවතත් කොවිඩ් වර්ධනය වී තිබෙනවා.

පාසල් ඇරඹීමත්, සේවා සඳහා කාර්යාල සහ සේවා ස්ථාන වෙත බොහෝ පිරිසක් පැමිණීමත් කොවිඩ් ව්‍යාප්තියට හේතුවී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එය 9980 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන්ද රෝගීන් 3639 ක් හඳුනාගෙන තිබෙනවා.

රෝග ව්‍යාප්ත වීම පාලනය සඳහා ජනතාව වෙත ද වගකීමක් ඇති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »