
මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියා ජනතාවට අවධානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවීමක් කර තිබෙනවා.
Buruli ලෙස නම් කර ඇති මෙම රෝගය බැක්ටීරියා ආසාධිත මදුරුවන් දශ්ඨ කිරීමෙන් පසු වණ කැලැල් බවට පත්ව තුවාල ලෙස වර්ධනය වන බවයි වාර්තා වන්නේ.
මෙහිදි සමේ සෛල විනාශ කරමින් සමට අවශ්‍ය මේදය විනාශ වන බවයි වාර්තා වන්නේ.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ Buruli රෝගීන් ගණන 363ක් වන අතර 2004 වසරෙන් පසු වාර්තා ගත වූ ඉහළම අගය මෙයයි.
පවතිණ උෂ්ණ අධික කාලගුණයත් සමග රෝග ව්‍යාප්තියේ අවදානම ඉහළ බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

උණුසුම් කාලගුණයත් සමග මදුරුවන් බෝවීම ඉහළ අගයක් ගන්නා අතර එළිමහන් ස්ථානවල ගැවසීමේ දී හැකිතාක් මදුරුවන්ට නිරාවරණය වීමෙන් වැළකී සිටීම වැඳගත්.
මේ අතර මදුරු විකර්ෂකන ආලේපන භාවිත කරන්නැයි ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.