වරකට ආලේපන තේ හැඳි 5 ක්

මෙලනොමා හෙවත් හිරු කිරණට වැඩි වශයෙන් නිරාවරණය වීම නිසා ඇතිවන පිළිකාමය ස්වභාවය පාලනයට ඔස්ට්‍රේලියා ජාතිකයන් අවධානය යොමු කළ යුතු බව  පර්යේෂකයන් පවසනවා.

පසුගිය වසරේදී ද මැලනොමාවට ගොදුරු වූ විශාල පිරිසක් ඔස්ට්‍රේලියාවෙන් හඳුනා ගනු ලැබ තිබෙනවා.

විශේෂඥයන් කියා සිටින්නේ හිරු කිරණ වැළැක්වීමේ ආලේපන මගින් සමෙහි පිළිකා ඇතිවීම පාලනය කළ හැකි බවයි.

නිවැරදිව ආලේපන භාවිත කළහොත් වසර දෙදහස් තිස් එක වන විට මෙලනෝමා රෝගීන් සියයට තිස් හතරක් අඩු කර ගත හැකි බවයි ඔස්ට්‍රේලියා කැන්සර් කවුන්සිල් පෙන්වා දෙන්නේ.

හිරු කිරණට නිරාවරණය වන ඕනෑම පුද්ගලයකු සෑම පැය දෙකකට වරක්ම හිරු කිරණ වලින් ආරක්‍ෂා වීමේ ආලේපන ගැල්වීම වැදගත් බව හෙළිව තිබෙනවා.

පිහිනීමේදී ද වැඩි වශයෙන් දහදිය පිටවන අවස්ථාවලදී ද ආලේපන ගැල්වීම සුදුසු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

හිරු එලියට නිරාවරණය වීමට විනාඩි 20 කට පෙර පිරිසිදු වියළි සම මත ආලේපන ගැල්වීම සුදුසු බව, Cancer Council හි, Skin Cancer කමිටු ප්‍රධානී මහාචාර්ය ඈන් කස්ට් සඳහන් කරනවා. 

සමස්ත සිරුරෙහි ගැල්විය යුතු ප්‍රමාණයක මිලි ලීටර් 35 ක් හෙවත් තේ හැඳි 5 ක් බවද ඇය පෙන්වා දෙනවා. 

එහෙත් මාස 6 ට අඩු දරුවන්ට හිරු කිරණවලින් ආරක්ෂාවීමේ ආලේපන සුදුසු නැති බවයි සඳහන් වෙන්නේ.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »