Search

කොටස් ගනුදෙනු හා අගය වැඩිවිය හැකි බවට අනාවැකි

ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල ගනුදෙනු ඊයේ දිනයේදී අතිශය සාර්ථක බවයි වාර්තා වන්නේ.

සියයට දශම 0 යි අටකින් අගය වැඩි වී තිබෙනවා.

අධ්‍යාපන සහ කාර්මික ක්ෂේත්‍රයෙහි ව්‍යාපාර කොටස් මිල සැලකිය යුතු ලෙස වැඩිවූ බවයි සඳහන් වෙන්නේ.

පොලිනෝවෝ ලිමිටඩ්, A2 මිල්ක් කම්පැණි ලිමිටඩ්, ස්ටාර් එන්ටර්ටේන්මන්ට් ගෲප් ලිමිටඩ් හි අගය ඉහළ මට්ටමකින් වැඩි වී තිබෙනවා.

මීට පෙර සතියේදී වැඩි අගයක් වාර්තා කළ මිනරල් රිසෝසස් ලිමිටඩ් සහ සයෝනා මයිනින්ග් ලිමිටඩ් හි කොටස් වටිනාකම් අඩුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

වැඩිම අගය පහත වැටීම සටහන් වූයේ ලයන්ටවුන් රිසෝසස් ලිමිටඩ් හි.

විශේෂඥයන් කියාසිටින්නේ අද දිනයේදී ද කොටස් වෙළඳපළ ගනුදෙනු හා සමස්ත අගය වැඩිවිය හැකි බවයි.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »