
වේප් භාවිතය තරුණ ප්‍රජාව අතර වර්ධනය වන බව හෙළිව තිබෙනවා.
වෛද්‍ය නිර්දේශයක් නැතිව වේප් භාවිතය ඔස්ට්‍රේලියාව තුළ තහනම්.
එහෙත් තරුණ ප්‍රජාව ඊට දැඩිව ගොදුරුව සිටින බවයි මෙල්බන් විශ්ව විද්‍යාලය පවසන්නේ.

අතීතයේ දී දුම්පානයෙන් පුද්ගලයන් ගලවා ගැනීමට ප්‍රචාරණ දැන්වීම් ද භාවිතා වූ අතර ඒවා ඵලදායී වූ බවද සිදුකළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.
එහෙත් වේප් භාවිතය සම්බන්ධයෙන් කළ ප්‍රචාරණ දැන්වීම් වත්මන් තරුණ ප්‍රජාවට බලපා නැතැයි අධ්‍යයනය මෙහෙයවූ විශේෂඥයන් පෙන්වා දුන්නා.

ඔස්ට්‍රේලියා රජය ඩොලර් මිලියන 364 ක් ඉදිරි වසර කිහිපයේදී තරුණ ප්‍රජාව දුම්පානයෙන් මුදා ගැනීමට වෙන්කර තිබෙනවා.