වික්ටෝරියා බැලරට් ප්රදේශයේ මාස තුනක දරුවා මිය යාම සම්බන්ධව අංශ කිහිපයකින් පරීක්ෂණ ක්රියාත්මක වෙනවා.
සිද්ධිය පිළිබඳව ප්රදේශවාසීන්ගෙන් තොරතුරු ලබාගැනීමට පොලීසිය ක්රියා කළා.
එහිදී හෙළිව ඇත්තේ මිය ගිය දරුවාද රැගෙන දරුවාගේ මව මහාමාර්ගය ඔස්සේ දිව ගොස් ඇති බවයි.
ඇය දරුවා තවෙකෙකු අතට දී දිවගිය බවද සිද්ධිය දුටුවෙක් ප්රකාශ කර තිබෙනවා.
නිවස පරීක්ෂා කිරීමේදී අපරාධයක ලක්ෂණ පවතින බවට පොලීසිය සැක කර ඇති බවයි වාර්තා වෙන්නේ.