Search

තර්ජිත වනජීවී ජාතික ලැයිස්තුවට නව නම් 144 ක්

තර්ජනයට ලක් වූ  වනජීවී ජාතික ලැයිස්තුවට පසුගිය වසරේදී නව නම් එකසිය හතලිස් හතරක් ඇතුළත් කර ඇති බවයි ඔස්ට්‍රේලියාව පවසන්නේ.

ඒ අතර සතුන්, ශාක සහ වෙනත් ජෛව පද්ධති ඇතුළත් බව වාර්තා වෙනවා.

තර්ජිත ලේඛනය සකස් කිරීමෙන් පසු එකවර නම් ගණනක් ඇතුළත් කළ වසර ලෙස පසුගිය වසර හැඳින්විය හැකි බව ද වනජීවී විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

පින්ක් කොකටු, නෝදන් බ්ලූ ටන්ග් ස්කින්ක් සහ ජාර්ඩින් රිවර් ටර්ට්ල් ද තර්ජිත සතුන් අතර සිටින බවයි සඳහන් වෙන්නේ.

තර්ජිත ලේඛනයට සතුන්, ශාක සහ ජෛව පද්ධති ඇතුළත් වීමෙන් තහවුරු වන්නේ ඔස්ට්‍රේලියාව තුළ පාරිසරික තර්ජන පවතින බව යැයි විශේෂඥයන් පෙන්වා දෙනවා. 

එය අවම කිරීමට පියවර ගැනීමෙන් තර්ජිත ජීව විශේෂ අවම කළ හැකි බවයි ඔවුන්ගේ අදහස.