බෑවුමකට ඇද වැටුණු පුද්ගලයෙකු ගුවන් මගින් රෝහලට

වික්ටෝරියා හි යාරා නිම්නයේ බෑවුමකට ඇද වැටුණු පුද්ගලයෙකු මුදා ගැනීමට පාර්ශව කිහිපයක් එක්ව සමත් වුණා.

ඇද වැටුණු පුද්ගලයා අවුරුදු අසූවක් පමණ වන අයෙකු බවයි හෙළිව තිබෙන්නේ.

ඔහු ගුවන් මගින් රැගෙන ගොස් රෝහල්ගත කළ බවයි වාර්තා වෙන්නේ.

වික්ටෝරියාහි ගිනි නිවීම් ඒකකය, පොලිසිය සහ ගිලන් රථ සේවය පුද්ගලයා මුදා ගැනීමේ මෙහෙයුමට එක්ව තිබෙනවා.

ඔහුගේ හිසට සහ උදර ප්‍රදේශයට හානි සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »