Search

වෙරළ ඛාදනය අවම කිරීමට කෘත්‍රිම කොරල් පර

ඔස්ට්‍රේලියා වෙරළ ඛාදනයේ අයහපත් ප්‍රතිඵල අවම කිරීමට නව තාක්ෂණය යොදා ගැනෙනවා. 

අයහපත් කාලගුණ තත්ත්ව සමග නිර්මාණය වූ සුළි කුණාටු වලින් ඔස්ට්‍රේලියා වෙරළ තීරයට දැඩි හානි සිදුව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සමස්ත වෙරළ තීරය කිලෝ මීටර් 34 දහසක් පමණ ක් පැතිර ඇති අතර සමස්ත වෙරළ තීරයට අයහපත් බලපෑම් එල්ල වන බවයි වාර්තා වෙන්නේ.

තත්වය පාලනය සඳහා නව තාක්ෂණික ක්‍රමෝපා කෙරෙහි ඔස්ට්‍රේලියාව අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව වෙරළ තීරය ආශ්‍රිතව කෘත්‍රිම කොරල් පර ස්ථාපනයට පියවර ගන්නා බවයි බලධාරීන් පවසන්නේ.

පරිසරික හානි සිදු නොවන අයුරින් සැකසෙන කොරල්පර ආශ්‍රිතව මුහුදු ජීවී විශේෂ ද ව්‍යාප්ත වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

සාගරයේ ජෛව විවිධත්වය පවත්වා ගැනීමට එය පිටිවහලක් බවයි සාගර විශේෂඥයන් පවසන්නේ.

 

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »