බදු අඩු කිරීම සම්බන්ධයෙන් විවිධ මත

ඔස්ට්‍රේලියා බදු අඩු කිරීමේ තීරණය සම්බන්ධයෙන් විවිධ මත පල වෙනවා.

ලබන ජූලි පළමුදා සිට බදු අඩු කිරීමට ක්‍රියාකරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඇතැම් පාර්ශව කියා සිටින්නේ අයහපත් බලපෑම් ඔස්ට්‍රේලියා ආර්ථිකයට ඇතිවිය හැකි බවයි. 

උද්ධමනය වැඩිවීමටද බදු සංශෝධන හේතුවනු ඇතැයි තවත් පිරිසක් විශ්වාස කරනවා.

රජය කියා සිටින්නේ බදු අඩු කිරීම මගින් ජීවන වියදම අවම වීමේ සහනය ජනතාවට ලැබෙන බවයි.

ජූලි පළමුදා සිට ක්‍රියාත්මක වන සංශෝධන යටතේ ඩොලර් හතළිස් පන්දහස් එකේ සිට  ඩොලර් ලක්‍ෂ දෙක දක්වා ආදායම් ලබන්නන්ට බදු සහනයක් හිමිවෙනවා.

ඒ අනුව ඔවුන්ට ගෙවීමට සිදුවන්නේ සියයට තිහක බදු ප්‍රතිශතයක් පමණයි.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »