ඔස්ට්‍රේලියා ජාතිකයන් අඩු වයසෙන් මිය යාමේ වැඩි ඉඩක්

ඔස්ට්‍රේලියා ජාතිකයන් අඩු වයසෙන් මිය යාමට හෝ නිදන්ගත රෝගවලට ගොදුරුවීමේ වැඩි ඉඩක් පවතින බව හෙළිවුණා.

නිව්ස් කෝප්ස් ග්‍රෝත් ඉන්ටෙලිජන්ස් සෙන්ටර් කරන ලද අධ්‍යයනයකට 3000 ක් පමණ පිරිසක් යොදාගෙන තිබෙනවා.

ඉන් සියයට 46 ක් සතියකට අවම වශයෙන් එක් වතාවක් පෝෂණය රහිත ආහාර හෙවත් Junk foods භාවිත කරන බවයි හෙළිව ඇත්තේ.

සියයට 50 කට වැඩි පිරිසක් දිනයේ පැය 8 ක් හෝ වැඩි කාලයක් අසුන් ගෙන සිටින අතර ව්‍යායාමවලට වෙන් කරන්නේ විනාඩි 34 ක් බවයි පර්යේෂකයන් පවසන්නේ.

දෙමාපියන්ගෙන් සියයට 51 ක් පමණක් දරුවන්ට සතියකට පැය තුනක් එළිමහනේ දුව පැන ඇවිදීමට අවස්ථා ලබා දෙනවා.

මෙම තත්ව කිසිවක් යහපත් සෞඛ්‍යයක් සඳහා හේතු නොවන බව පෙන්වා දෙන පර්යේෂකයන් පවසන්නේ, තත්වය වෙනස් නොකළ හොත් ඔස්ට්‍රේලියා ජාතිකයන් අඩු වයසෙන් මිය යාම සහ නිදන්ගත රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි වන බවයි. 

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »