
හදිසියේ දරුවෙකු මියයාම සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන් ද කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
Ballarat ආශ්‍රිත නිවසක දරුවෙකු ප්‍රතිචාර නොදක්වන තත්වයක සිටින බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ ස්ථානයට පොලීසිය ගොස් ඇති අතර හෙළිව ඇත්තේ දරුවා මිය ගොස් ඇති බවයි.
ඊට හේතුව කුමක්දැයි සෙවීම් සඳහා පරීක්‍ෂණ ක්‍රියාත්මක අතර මෙය අපරාධයක් විය හැකි යැයි පොලීසිය විශ්වාස කරනවා.
