අවදානම වෙත අවධානය දෙන්නැයි ඉල්ලීම්

මෙල්බන් හි Martha කන්දේ ගල් කුළුවල සිට මුහුදට පැනීම අවදානම් සහගත බව ජීවිතාරක්ෂක කණ්ඩායම් පෙන්වා දෙනවා.

සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය ස්ථානයක් බවට මාර්තා කන්ද පත්ව තිබෙනවා.

එහි පැමිණෙන සංචාරකයන් ගල් කුළු මතට නැගී මුහුදට පැනීම සාමාන්‍ය ස්වභාවයක්.

එහෙත් ජීවිතාරක්ෂක කණ්ඩායම් කියාසිටින්නේ එය අතිශය අවදානම් සහගත බවයි. 

පසුගිය සතියේදී තරුණියකගේ සුෂුම්නාවට හානි සිදුවූයේ මුහුදේ සිටි ඇය මතට තවෙකෙකු ගල් කුළක සිට පැනීම හේතුවෙන්.

ඊට පෙර ද අනතුරු කිහිපයක් සිදුව තිබුණා.

ඒ හේතුවෙන් සංචාරකයන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි Mount Martha Life Savings පෙන්වා දෙන්නේ.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »