කාන්තා පියයුරු මත නොමිලයේ ටැටූ සටහන් කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමට තස්මේනියා රූපලාවන්‍ය ශිල්පිනියක් තීරණය කර තිබෙනවා.
සාමාන්‍යයෙන් ඒ සඳහා වැයවෙන මුදල ඩොලර් 1500 ක්.
එහෙත් පියයුරු පිළිකාවලින් මිදුණු කාන්තාවන් සඳහා ස්වාභාවික පියයුරුවල පෙනුම ඇතිවන ටැටූ නොමිලයේ සටහන් කරන බවයි රූපලාවන්‍ය ශිල්පිනී රේචල් බෙලින්ගර් සඳහන් කරන්නේ.
මීට වසර දෙකකට පෙර එය ආරම්භ කළ ඇය, ඉදිරියට ද එය අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා.
පිළිකාවලින් මිදෙන කාන්තාවන්ට නොමිලයේ ටැටූ සටහන් කිරීම, ඔවුන්ගේ මානසික ශක්තිය වැඩි කිරීමට හේතුවක් බවද රූපලාවන්‍ය ශිල්පිනිය පෙන්වා දෙනවා.