ජීවන වියදම අඩු කිරීම සඳහා ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක්

ඔස්ට්‍රේලියා ජීවන වියදම අඩු කිරීම සඳහා ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් කඩිනමින් කැඳවා තිබෙනවා. 

ආණ්ඩු පක්ෂයේ නියමිත රැස්වීම පැවැත්වීමට සති දෙකකට පෙර මන්ත්‍රීවරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජීවන වියදම අඩු කිරීම පිළිබඳ සාකච්ඡාව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා පැවැත්වෙන බවයි ඔස්ට්‍රේලියා රජය පවසන්නේ.

ජනතාවට පවතින පීඩනය ලිහිල් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව මතුව තිබෙන බව සමාජ සේවා අමාත්‍ය අමන්ඩා රිශ්වර්ත් පෙන්වා දෙනවා. 

ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බවයි ඇය පවසන්නේ.

උද්ධමනය කිරීමද රජයේ අපේක්ෂාවක්.

ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත යුතු බවට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව ද  ලබන බදාදා සාකච්ඡා කෙරෙනු ඇති.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »