Search

මෙල්බන් නිවසකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණ

මෙල්බන් කාල්ටන් නෝර්ත්, ප්‍රින්සස් ස්ට්‍රීට් හි නිවසකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඉදිරි දොරටුව වෙත කිසිවෙකු යමක් දමා ගසා ඇති අතර ඉන් සුළු ගින්නක් හටගත් බවයි වාර්තා වෙන්නේ. 

ඉන් නිවසට බරපතල හානි සිදුව නැහැ.

ව්‍යාපාර සහ නිවාස ගිනි තැබීමේ සිදුවීම් රැසක් වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය කාලය තුළ සිදුවුණා.

මෙම ප්‍රහාරය ද ඊට සම්බන්ධ දැයි සොයා බලන බවයි වික්ටෝරියා පොලීසිය පවසන්නේ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »