
සිඩ්නි ආශ්‍රිත වෙරළ තීර කිහිපයක් දූෂිත බව හෙළිව තිබෙනවා.
දැඩි වර්ෂාපතනය සහ ජලගැලීම් නිසා එක්වූ විවිධ අපද්‍රව්‍ය වෙරළ තීර ආශ්‍රිත ජලයට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ නිසා සිඩ්නි ආශ්‍රිත වෙරළ තීර විස්සක පමණ දිය නෑමෙන් වලකින ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.

මුහුදු ජලය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී හෙළිව ඇත්තේ අහිතකර බැක්ටීරියා යන් රැසක් ජලයට මිශ්‍රව පවතින බවයි.
ඒවායෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බැවින් මුහුදු තීරවල ජලය ස්පර්ශයෙන් වළකින්නැයි ජනතාවට දැනුම් දී තිබෙනවා.
