හිමිකරුවෙකු අහිමි වු ඩොලර් මිලියන 100

මෙවර පවර්බෝල් ජැක්පොට් ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහී මුදල ඩොලර් මිලියන 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ පසුගිය සති අන්ත දිනුම් ඇදීමේ ජයග්‍රාහී ඩොලර් 100 මුදලෙහි හිමිකරුවෙකු අනාවරණය නොවීමෙන් ඒ මුදල මෙවර දිනුම් ඇදීමට එකතුවීමයි.

මෙවර ජයග්‍රාහකයෙකු බිහිවුවහොත් එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දෙවන විශාලතම පවර්බෝල් ජැක්පොට් ලොතරැයි දිනුම ලෙස වාර්තා ගත වනවා.

ජයග්‍රාහි ලොතරැයී පතෙහි අංක වූයේ 21, 31,17, 22, 20,24 සහ 34 වන අතර ජයග්‍රාහී අංකය අංක 6 ලෙස දැක්වෙනවා.

මීට පෙර ඔස්ට්‍රේලියාවේ විශාලතම පවර්බෝල් ජැක්පොට් ලොතරැයි දිනුමෙහි අගය ඩොලර් 160 ක් ලෙස වාර්තා අතරට එක්වෙනවා.

පවර්බෝල් දිනුම් ඇදීම් සඳහා විකුණුම් ලබා ගන්නා කාර්යබහුල වේලාවන් අතර සවස 5.46 දැක්වෙන අතර එක් මිනිත්තුවකදී ඔස්ට්‍රේලියානුවන්  ලොතරැයි මිලදී ගැනීම් 7224 ක් ලබා ගන්නා බව සඳහන්.

අවසන් වරට  පවර්බෝල් ජැක්පොට් ලොතරැයි දිනුමෙහි විශාලතම ජයග්‍රාහී මුදලක් ලෙස ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙක් Boxing day දින ඩොලර් මිලියන 90 ක මුදලක් හිමිකර ගත්තා.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »