ඔස්ට්‍රේලියාවේ අවුරුදු 9ක ශ්‍රී ලාංකික පිරිමි ළමයෙකුගෙන් ප්‍රතිශක්තිකරණය ගැන පොතක්

ඔස්ට්‍රේලියාවේ පදිංචි වයස අවුරුදු 9ක් වයසැති ශ්‍රී ලාංකික පිරිමි ළමයෙකු ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගැන ජීව විද්‍යාත්මක පොතක් රචනා කිරිමෙන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

නෙවීන් කරුණාතිලක වන මෙම දරුවාගේ පොතෙහි ප්‍රතිශක්තිය සම්බන්ධ කරුණු රැසක් අන්තර්ගතව තිබෙනවා

ඒ අනුව ජීව විද්‍යාත්ම පොතක් ලියු ලොව ලාබාලතම කතුවරයා බවට නවීන් පත්ව තිබීම විශේෂත්වයක්.

Explore the Immunity ලෙස නම් කර ඇති මෙම කෘතිය පසුගිය දෙසැම්බර් මස මෙල්බන් නුවරදී එළිදක්වනු ලැබුවා

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශිය පාසලක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙවීන් කරුණාතිලක පාසැල් ගුරුවරුන්ගේද ඇගයීමට පත්ව තිබෙනවා.

මෙම ග්‍රන්ථය ප්‍රබන්ධ කතාවක් නොව සත්‍ය ජීව විද්‍යාත්මක කරුණු සරලව පැහැදිලි කරමින් රචනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින්ම කල අධ්‍යයනයන් සහ මීට පෙර සිදුකර තිබූ පර්යේෂණයන් ගවේෂණය කරමින් මීට අදාළ තොරතුරු රැස්කරගෙන ඇති බව සදහන් වෙනවා.

පොත එළිදැකිවීමේ උත්සවයට එක්වෙමින් නවීන් සිසුවා කියා සිටියේ අන්තර්ජාල විඩියෝ පට මෙන්ම අන්තර්ජාල තොරතුරුද මේ සදහා උපකාර වූ බවයි.

ග්‍රන්ථයට ඇතුලත් කර ඇති සෑම ජායාරූපයක්ම ඔහු විසින් නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්

Explore the Immunity ග්‍රන්ථය ඩොලර් 35ක මුදලකට අළෙවි වනු ඇති.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »